ඉංග්‍රීසි තේරෙන සිංහලෙන් ඉගෙන ගමු..

අද කාලෙ ඉංග්‍රීසි කියන්නෙ නැතුවම බැරි දෙයක් බව හැමෝටම තේරෙනව ඇති නෙ.එහෙම තේරිල නැත්නම් ඒක වහාම තේරුම් ගන්න කියල මන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනව.මේ වන විට හොඳ රස්සාවකට යන්න ගියත්, විශ්ව විද්‍යාලයකට ගිහින් උපාධියක් කරන්න හැදුවත්, කොළඹ ලොකු කඩේකට හරි හෝටලයකට හරි ගියත් ඉංග්‍රීසි කියන එක අත්‍යවශ්‍ය දෙයක් වේගෙනයි එන්නෙ.කොටින්ම කීවොත් තව ටික කලකින් පාරෙ යන්නත් ඉංග්‍රීසි නැතුවම බැරි තත්ත්වයට එන්න බැරි කමකුත් නෑ මේ යන විදිහට..

ලංකාවාසී අපි බහුතරයකට ඉංග්‍රීසි කියන්නෙ මැජික් එකක් බව අපි දන්නව.අපේ ගොඩක් අය මේ ඉංග්‍රීසි වලට අකමැති වනවා වගේම බයකුත් දක්වනවා.ඉපදුන දවසෙ ඉඳන් ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන්න පුරුදු කරා නම් බොහෝ විට මේ තත්වය වෙනස් වෙයි කියල මට හිතෙනව.මොකද බහුතරය සිංහල කතා කරන නිසා අනිවාර්යෙන්ම එහෙම ළමයින්ට සිංහලත් පුලුවන් වෙනව වගේම ඉංග්‍රීසිත් හොඳටම පුළුවන් වෙනව අනිවාර්යෙන්ම.ඒත් ඉතිං ඕව කෙරෙන්නේ නෑනෙ අපේ දෙමාපියන්ගෙ අතින්.ගොඩක් වෙලාවට එයාලටත් ඉංග්‍රීසි බෑනෙ.ඉතිං ඉපදුන දවසෙ ඉඳන් ළමයට කතා කරන්නෙ කොහෙද නේද..?

හරි.වැඩි කතා ඕන නෑනෙ.මන් හදන්නෙ ඉංග්‍රීසි බෑ කියල බයේ ඉන්න අයට උදව්වක් වෙන පාඩම් මාලාවක් ගෙන එන්න.මේ පාඩම් සරල සිංහල පැහැදිලි කිරීම් සමඟ කරගෙන යන්නයි මන් බලාපොරොත්තු වෙන්නෙ.ප්‍රශ්න තියන අයට comments(අදහස්) දාල ඒව අහන්න පුළුවන්.එතකොට මන් ඒවට උදව් කරන්නම්.මට බැරි නම් මට වඩා හොඳ දැනුමක් තියන අය ලවා අනිවාර්යෙන්ම උදව් කරන්නම්.

English Grammar(ඉංග්‍රීසි ව්‍යාකරණ) කියන්නෙ සාමාන්‍යයෙන් හැම විභාගයකම වගේ බලන දෙයක්නෙ.ඉතින් මන් මුලින් Grammar(ව්‍යාකරණ) කොටස් ආවරණය කරන්නම් මුල ඉඳන්ම පුළුවන් තරම් සරල විදිහට.එහෙනම් මීලඟ ලිපියෙන් Tenses කියන Grammar පාඩමෙන් හමු වෙමුකො..

වැඩේට කැමතියි වගේ නම් comments එහෙම දාගෙන යමුකො.. 👇

Comments

Post a Comment

Popular Posts