Tenses(කාල භේදය)
Lesson 1

මෙය ඉංග්‍රීසි භාෂාවේ එන ඉතා වැදගත් ව්‍යාකරණ පාඩමකි.අපි කතා කරන වාක්‍ය වලින් බොහෝ ප්‍රමාණයක් භාවිතා වන්නේ මෙහි ඇති රටාවන් මගිනි.

ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
  1. Active Voice
  2. Passive Voice
මුලින්ම අපි Active Voice ගැන අවධානය යොමු කරමු.

Active Voice

Commen Formula(පොදු සමීකරණය) :

Subject + Helping Verb + Principal Verb + Object + Adverbs

  • මෙහි Subject, Helping Verb සහ Principal Verb යන කොටස් අනිවාර්යය වේ.
Subjects(උක්ත පද)

කිසියම් ක්‍රියාවක් කරන පුද්ගලයා උක්ත පදය ලෙස හඳුන්වයි.පහත දැක්වෙන උක්ත පද එහි සිංහල තේරුම් සමඟ මතක තබා ගන්න.

  • Plural Pronoun:
    • I   -   මම / මට
    • We   -   අපි / අපිට
    • You   -   ඔබ / ඔබට
    • They   -   ඔවුන් / ඔවුන්ට
  • Singular Pronoun:
    • He   -   ඔහු / ඔහුට
    • She   -   ඇය / ඇයට
    • It   -   ඌ / ඌට / ඒක
  • Singular Nouns
  • Plural Nouns
  • Singular Phrases:
    • Sombody / Someone   -   කවුරුහරි, කිසියම් කෙනෙක්, සමහරු
    • Anybody / Anyone   -   කිසිම කෙනෙක්, ඕන කෙනෙක්
    • Everybody / Everyone   -   හැම කෙනෙක්ම
    • Nobody / No-one   -   කිසිම කෙනෙක් නෑ,කවුරුවත් නෙමෙයි
Helping Verbs (උපකාරක ක්‍රියා පද)

පහත නිදසුන් බලන්නකො.මේව වාක්‍ය වල දැකල ඇති ගොඩක් අය. මේවා ගැන වැඩිදුර තොරතුරු පසුව කතා කරන්නම්.

Do, Does, Did, Will, Shall, Is, Am, Are, Was, Were, Will be, Shall be, Has, Have, Had, Will have, Has been, Have been, Had been, Will have been

Principal Verbs(ප්‍රධාන ක්‍රියා පදය)

මෙහි අවස්ථාවන් පහක් ඇත.

  1. Singular Form (ඒක වචන අවස්ථාව)      (Ex : Goes)
  2. Plural Form (බහු වචන අවස්ථාව)      (Ex : Go)
  3. Past Tense Form (අතීත කාල අවස්ථාව)      (Ex : Went)
  4. Present Participle Form (වර්තමාන කාල කෘදන්ත අවස්ථාව)      (Ex : Going)
  5. Past Participle Form (අතීත කාල කෘදන්ත අවස්ථාව)      (Ex : Gone)
Object(කර්මය)

ක්‍රියාවට ලක් වන පදය මෙලෙස හඳුන්වයි. උක්ත පද ---> කර්ම පද බවට පරිවර්තනය කරාම වෙනස් වෙන හැටි පහත දක්වල තියනව.පහත තියන වචන සිංහල තේරුම් එක්කම හොඳට මතක තියා ගන්න!

  • I ----------------------> Me  (මට / මාව / මගෙන්)
  • We -------------------> Us   (අපිට / අපිව / අපෙන්)
  • You ------------------> You  (ඔබට / ඔබව / ඔබෙන්)
  • They -----------------> Them (ඔවුන්ට /ඔවුන්ව /ඔවුන්ගෙන්)
  • He --------------------> Him  (ඔහුට / ඔහුව / ඔහුගෙන්)
  • She -------------------> Her  (ඇයට / ඇයව / ඇයගෙන්)
  • It ----------------------> It     (ඌට /ඌව / උගෙන්)
  • Kamal ----------------> Kamal  (කමල්ට / කමල්ව / කමල්ගෙන්)
  • Mother ---------------> Mother  (අම්මාට / අම්මාව / අම්මාගෙන්)
      • මෙහි You, It, Kamal, Mother වචන වෙනස් වී නැති බව දැක්කද..?
හරි.අපි මේ ලිපියෙන් පොදු සමීකරණයේ ආපු වචන වල තේරුම් ටික තමා කියල තියන්නෙ.මේවා Tenses ඉගනගන්නකොට ඕන වෙන මූලික දේවල් ටිකක්.මේ කියපුව හොඳට මතක තියා ගන්න.එතකොට මන් ඊළඟට කරන විවිධ Tenses ඔයාලට ලේසියෙන්ම ඉගනගන්න පුළුවන්.

ප්‍රධාන වශයෙන් Tenses වර්ග 12ක් ඉංග්‍රීසි භාෂාවේ එනව.පහත රූපෙ බලන්නකො..

මේවා එකින් එක මීළඟ ලිපි වලින් මම කතා කරන්නම්.අද මේ ලිපියෙන් කරේ ඉදිරි ලිපි සඳහා මූලික අඩිතාලම දැමීමක්.

ප්‍රශ්න එහෙම තිය නම් අනිවාර්යෙන්ම පහලින් comment කරල අහන්න.

Comments

Popular Posts